spot_img

සාමයේ පණිවිඩය රැගත් “ඒහි පස්සිකෝ” අවසන් ගමන අද – කොළඹ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක්

ලෝකයටම සාමයේ පණිවිඩය රැගෙන යන “ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි (28).

පසුගිය 22 වන දින දඹුල්ලෙන් ආරම්භ වූ මෙම පා ගමන, ඊයේ දිනයේදී යක්කල සිට කැලණිය රජමහා විහාරස්ථානය දක්වා ළඟා විය.

අද දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පාගමන නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.

රාජ්‍ය උත්සවය: පස්වරු 4ට නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වේ.

එහිදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිස වෙත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දීමට නියමිතව ඇත.

නිදහස් චතුරස්‍රයේ සිට පස්වරු 5.30ට යළි ආරම්භ කෙරෙන පාගමන කොළඹ ගංගාරාම විහාරස්ථානයට ළඟා වීමෙන් පසු නිමාවට පත් වේ.

සාම පාද යාත්‍රාව හේතුවෙන් අද දිනයේ කොළඹ නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

ඒ අනුව:

බණ්ඩාරනායක වටරවුමේ සිට බේස්ලයින් මාර්ගය හරහා බොරැල්ල හංදිය දක්වා.

කොළඹ ගංගාරාම විහාරස්ථානය අවට මාර්ග.

අද උදෑසන 11 සිට අවස්ථානුකූලව මෙම මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ශ්‍රී සදහම් පදනමේ අයිතිය තහවුරු වෙයි – පවුලක් විසින් ගෙන ගිය වසර ගණනාවක නීතිමය සටන පරාජය කරමින් අභියාචනය නිෂ්ප්‍රභ කෙරේ

අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම සතු ශාසනික දේපළවල අයිතිය සම්බන්ධයෙන් පෞද්ගලික පාර්ශ්වයක් විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම හෝමාගම මහාධිකරණය...

මහ පොළොවත් එක්ක ඔට්ටු වුණු දෑත් නිසල වෙයි – විජිතපුර ගොවීන් දෙදෙනෙකුට අකුණින් අකල් මරණයක්

කලාවැව සහ විජිතපුර ප්‍රදේශවලට අද (27) පස්වරුවේ ඇද හැළුණු වර්ෂාවත් සමඟ පතිත වූ ප්‍රබල අකුණු සැර වැදීමකින්, සිය වගා...

අමෙරිකානු නිදහසේ 250 වැනි සංවත්සරයට බ්‍රිතාන්‍ය රජුගෙන් ගෞරවයක් – ජනපති ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක්.

බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින නිල රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණ තිබේ. මෙය චාල්ස්...

අධිකරණ දෙකක නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුවේදී ගිනිබත් කරයි

පුත්තලම, බළපිටිය සහ හලාවත මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු අවසන් වූ හෙරෝයින්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි තොගයක්...

කටුනායකදී කිලෝ 110ක මත්ද්‍රව්‍ය සමග හසුවූ හිමිවරුන් ගැන විමර්ශන ඇරඹේ – අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් විශේෂ හෙළිදරව්වක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන...

රුපියල් 40,000කට දියණිය විකුණා ජංගම දුරකථනයක් ගත් මව සහ අනියම් සැමියා දැලේ

තම කුසින් උපන් වයස අවුරුදු දෙකක කුඩා දියණිය රුපියල් 40,000ක මුදලකට විකුණා, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත් මවක්,...

වෙනත් ලිපිRELATED