spot_img

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට එරෙහිව නඩුව යළි කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා .

එහෙත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කරනු ලැබුවා .

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකර තිබුණා .

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා . අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර කර ප්‍රතිකාර...

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා පිරිසක් කටයුතු කරනවා

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එකතු වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් මැල්කම් රංජිත්...

වන්දනා නඩයක් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි

බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක රථයක ගැටී...

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හයක් රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා . ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ග රාවණා දිය ඇල්ලට ඉහළ...

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබෙනවා . බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන්...

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක්

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා...

වෙනත් ලිපිRELATED