spot_img

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වන බිලියනපති, ව්‍යවසායක එලොන් මස්ක් විසින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ‘අමෙරිකා පක්ෂය’ යන නමින්.

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් ද්වි-පක්ෂ ක්‍රමයට අභියෝගයක් ලෙස පවසමින්, තමන් අමෙරිකා පක්ෂය පිහිටුවා ගත් බවයි එලොන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි සටහනක් තබමින් පවසා ඇත්තේ.

“අද, අමෙරිකානු පක්ෂය පිහිටුවා ඇත්තේ ඔබට ඔබේ නිදහස නැවත ලබා දීමටයි” ලෙසින් ඔහු එම සටහන තබා තිබෙනවා.

 

ඉකුත් 4 වනදා එලොන් මස්ක් විසින් ද්වි-පක්ෂ ක්‍රමයෙන් නිදහස ලබා ගැනීමට අමෙරිකා පක්ෂය නිර්මාණය කිරීම පිළිබඳ මත විමසුමක් සිදු කරනු ලැබුවා.

එම මත විමසුමට අදාළව මිලියනයකට අධික පරිශීලකයින්ගෙන් 65. 4% ක් නව පක්ෂයක් පිහිටුවීමට පක්ෂව ඡන්දය දී තිබෙනවා.

එහි ප්‍රතිඵලය පිළිබඳ ඔහු සදහන් කළේ

“ඔබට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය වන අතර ඔබට එය ලැබෙනු ඇති. නාස්තිය සහ දූෂණයෙන් රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ගත් කළ, අපි ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක නොව ඒක පක්ෂ ක්‍රමයක. අද, අමෙරිකානු පක්ෂය පිහිටුවා ඇත්තේ ඔබේ නිදහස ඔබට නැවත ලබා දීම සඳහා” බවයි.

කෙසේවෙතත්, එම පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමඟ විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න පැහැදිලි නොමැති අතර අමෙරිකාවෙන් පිටත උපත ලැබූ නිසා එහි ජනාධිපති ධුරයට තරඟ කිරීමට නුසුදුසු මස්ක්, එයට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වියදම් සහ බදු සහන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මින් පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලකින් සති කිහිපයකට පසු, X හි සටහනක් තබමින් ඔහු සදහන් කර සිටියේ මෙම වියදම් පනත සම්මත වුවහොත් අමෙරිකානු පක්ෂය පිහිටුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED