බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්ව තිබෙනවා.
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව සදහන්.
දුම්රිය පිලී පැනීමත් සමග මන්තීරු දෙකම අවහිරවී ඇති අතර, ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී තිබේ.

