spot_img

විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ග්‍රේස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් අතර අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා .

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය ප.ව. 1.30ට ආරම්භවීමට නියමිත ඇති අතර ග්‍රීන්ස්, ග්‍රේස් හා බ්ලූස් ලෙස කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් මෙම තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්විණි.

එහිදී සෑම කණ්ඩායමකම තරග 4ක් හිමි වූ අතර, ඉන් තරග 3ක් ජයගත් කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ග්‍රීන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගනු ලැබුවා .

ඔවුන් තරග 3ක් ජයගත් අතර, එක් තරගයක් විසදුමකින් තොරව අවසන්ව වුණා .

දෙවැනි ස්ථානය හිමිකරගත් චරිත් අසංලකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම තරග 2ක් ජයගත් අතර, එක් තරගයක් ඔවුන් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුණා .

දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායමට ක්‍රීඩාකළ කිසිදු තරගයක් ජයගැනීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමි වී තිබුණා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුපියල් කෝටි 05ක කේරළ ගංජා තොගයක් පොලිස් භාරයට

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින...

වට්ස්ඇප් අංකයට පැමිණිලි 2000කට වැඩි සංඛ්‍යාවක්

ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ ක්ෂණිකව දැනුම් දීම සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන් නව...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට මහනුවර, නිත්තවෙල - මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භුමියේදී...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව...

වැවක දියනෑමට ගිය 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

ඊයේ (15) දහවල් කාලයේදී මදුරන්කුලිය පොලිස් වසමේ වීරපුර ගැමුණු වැවේ දියනෑමට ගිය 12 හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස්...

මාරක බස් රථ අනතුරක් .22 ක් රෝහලේ

පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ...

වෙනත් ලිපිRELATED