spot_img

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැරීමට මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා .

සංවිධානාත්මක අපරාධකරුවෙකු මරණ තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය ජුලි 28 වන දින අත්අඩංගුවට ගනු ලැබුවා .

ඒ අනුව අදාළ රෝහල වෙත පැමිණි මහර මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඊයේ (06) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා .

විදේශ රටක සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමාට මරණ තර්ජන කළ බවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අදාළ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් බවටයි .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED