තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා .
මෙම වනඅලියාට වනජීවි නිලධාරීන් විසින් අවස්ථා රැසක දී ප්‍රතිකාර කටයුතු ද සිදුකර ඇති අතර නමුත් පසුව එම අලියා මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ .
සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා .