spot_img

රුපියල් කෝටි 05ක කේරළ ගංජා තොගයක් පොලිස් භාරයට

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වනපරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම වැටලීම සිදුකර තිබුණා .

ඒ අනුව, ඊයේ (15) සවස් කාලයේ වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබු අතර එහිදී කේරළ ගංජා කිලෝ 309 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 49ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ .

සැකකරුවන් විසින් කුලී පදනම මත ලබාගත් නිවසක කාමරයක් තුළ සඟවා තිබිය දී මෙම කේරළ ගංජා තොගය පොලිස් භාරයට ගෙන තිබෙනවා .

සැකකරුවන් අද (16) දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ග්‍රේස් සහ ග්‍රීන්ස්...

වට්ස්ඇප් අංකයට පැමිණිලි 2000කට වැඩි සංඛ්‍යාවක්

ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ ක්ෂණිකව දැනුම් දීම සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන් නව...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට මහනුවර, නිත්තවෙල - මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භුමියේදී...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව...

වැවක දියනෑමට ගිය 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

ඊයේ (15) දහවල් කාලයේදී මදුරන්කුලිය පොලිස් වසමේ වීරපුර ගැමුණු වැවේ දියනෑමට ගිය 12 හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස්...

මාරක බස් රථ අනතුරක් .22 ක් රෝහලේ

පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ...

වෙනත් ලිපිRELATED