අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දින යේමනයේ වෙරළට ඔබ්බෙන් 150 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් ගිලී යාමට ලක්ව තිබෙනවා .
අදාළ අනතුරින් සංක්‍රමණිකයන් 65 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉතියෝපියානු ජාතිකයන් යැයි විශ්වාස කරන බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .
කෙසේ වෙතත් පුද්ගලයින් 10 දෙනෙකුගේ පමණ දිවි බේරාගෙන ඇති බව ද සඳහන් වේ .
අප්‍රිකාවේ සිට රැකියා සොයමින් ගල්ෆ් අරාබි රාජ්‍යයන් වෙත ගමන් කරන සංක්‍රමණිකයින් සඳහා යේමනය තවමත් ප්‍රධාන මාර්ගයක් වන අතර, IOM සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව එම මුහුදු කළාපයේ තිබූ නැව් සුන්බුන් අනුව ඇස්තමේන්තු ගත කර ඇත්තේ පසුගිය මාස කිහිපය තුළදී සිය ගණනක් මෙලෙස මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බවටය.