ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා .
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා සඳහන් කළා .
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ .