තායිලන්ත සහ කාම්බෝජ හමුදා ඔවුන්ගේ දේශසීමාවේ වෙඩි හුවමාරුවක් සිදු කර ඇති අතර, මේ වන විට දෙපාර්ශවයම පළමු වෙඩි තැබීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටී.
එය අග්නිදිග ආසියානු අසල්වැසියන් දෙදෙනා අතර දිගුකාලීන ආරවුලක උත්සන්න වීමක් ලෙස පෙන්වාදිය හැකිය.
තායි හමුදාව පවසන්නේ අවම වශයෙන් ඔවුන්ගේ හමුදා භටයින් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවය.
තානාපති කාර්යාලය තම ජාතිකයින්ට කාම්බෝජයෙන් පිටව යන ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.
දෙපිරිස අතර වෙඩි හුවමාරුවෙන් එක් සිවිල් වැසියෙකු මිය ගොස් පස් හැවිරිදි දරුවෙකු තුවාල ලබා ඇති බව තායි රජය පවසයි.
තායිලන්තය තම භූමිය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමේදී ගුවන් ප්‍රහාර සහ බර අවි ඇතුළු ආයුධ බලය භාවිතා කළ බවට කාම්බෝජය පවසා තිබේ.
මෙම ගැටුම ආරම්භ වී ඇත්තේ දේශසීමාව තුළ තායි සොල්දාදුවෙකුට තුවාල සිදු කළ බිම් බෝම්බ පිපිරීමකින් පසු තායිලන්තය කාම්බෝජයේ සිය තානාපතිවරයා ආපසු කැඳවීමෙන් දිනකට පසුවය.