spot_img

ට්‍රම්ප් බදු සහ වියදම් පනතට අත්සන් තබයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදු සහ වියදම් පනතට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව බදු කප්පාදු, ආරක්ෂක වියදම් වැඩි කිරීම් සහ සංක්‍රමණ මර්දනය ඇතුළු වැඩසටහන් කිහිපයක් බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එම පනත් කෙටුම්පත පිටු 870 කින් සමන්විත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අදාල පනත් කෙටුම්පත තුළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය වන 2017 වර්ෂයේදී සිදු කරන ලද බදු කප්පාදු දීර්ඝ කිරීම, අතිකාල සහ සමාජ ආරක්ෂණය සඳහා නව බදු සහන සහ ආරක්ෂක අයවැය ඩොලර් බිලියන 150 කින් වැඩි කිරීම ඇතුලත් වී තිබෙනවා.

මේ තුලින් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කල හැකි බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් එම පනත සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයින් අතර විවේචනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම පනත් කෙටුම්පතෙන් ධනවතුන්ට ප්‍රතිලාභ ලැබෙන බවටත් දුප්පතුන්ට දඬුවම් කරන බවටත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පනත අත්සන් කිරීමට පෙර ඉරාන මෙහෙයුමට ගෞරවයක් වශයෙන් අමෙරිකානු ජාතික ගීය වාදනය කරන අතරතුර ජෙට් යානා දෙකක් සහ ඊ-2 වර්ගයේ බෝම්බ හෙලන යානයක් ධවල මන්දිරයට ඉහළින් පියාසර කර තිබෙනවා.

එමෙන්ම එම ප්‍රහාරවලට සහභාගී වූ නියමුවන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උත්සවයට ආරාධනා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED