spot_img

කාම්බෝජය සමඟ ගැටුමෙන් තායිලන්තයේ පුද්ගලයන් 12 දෙනෙකු මරුට

තායිලන්තය හා කාම්බෝජය අතර ඇතිව තිබෙන දේශසීමා ගැටුම් හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තායි බලධාරීන් පවසන පරිදි අනුව මියගිය පිරිසෙන් 11 දෙනෙකු සිවිල් වැසියන් වන අතර, එක් අයෙකු හමුදා සෙබළෙක්ය.

වසර 100කට වැඩි කාලයක සිට දෙරට අතර දේශසීමා ගැටුම් පවතින නමුත් අද (24) පෙරවරුවේ එය නැවත උණුසුම් විය.

මෙහිදී දෙපාර්ශ්වයම වෙඩි හුවමාරුවක් සිදුකර ඇති අතර, එකිනෙකා ගැටුම උත්සන්න කළ බවට චෝදනා කරගෙන ඇත.

කාම්බෝජය තමන්ට රොකට් ප්‍රහාර එල්ල කළ බවට තායිලන්තයට චෝදනා කළ අතර, ඊට ප්‍රතිචාර ලෙස තායිලන්තයද කාම්බෝජ හමුදා ඉලක්ක ගුවන් ප්‍රහාර එල්ල කළේය.

සිදු වූ ගැටුමෙන් කාම්බෝජය තවමත් තමන්ට සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා නිල සඳහනක් කර නොමැත.

ලොව ප්‍රධානම බෞද්ධ රාජ්‍යයන් දෙකක් ලෙස තායිලන්තය මෙන්ම කාම්බෝජය සැලකේ.

තායිලන්ත ජනගහනයෙන් 97.5%ක් බෞද්ධ වන අතර, කාම්බෝජයේ 97.1%ක් බෞද්ධයන් ජීවත් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED