අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම සතු ශාසනික දේපළවල අයිතිය සම්බන්ධයෙන් පෞද්ගලික පාර්ශ්වයක් විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම හෝමාගම මහාධිකරණය (සිවිල් අභියාචනා) විසින් අද (28) නිෂ්ප්‍රභ කරන ලදී.
ඒ අනුව, පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන මෙම පුණ්‍ය භූමියේ ශාසනික කටයුතුවලට බාධා කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොලැබෙන බව අධිකරණය යළිත් තහවුරු කර ඇත.
සීලා ප්‍රේමකාන්ති නැමැත්තිය සහ ඇයගේ දරුවන් විසින් අතුරුගිරිය සිරි සදහම් පදනමේ අයිතිය තමන් සතු බව පවසමින් කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි.
එම නඩුවේදී ඔවුන් පරාජයට පත් වූ අතර, සදහම් පදනමේ කටයුතුවලට බාධා නොකරන ලෙස ඔවුන්ට එරෙහිව වාරණ නියෝගයක්ද නිකුත් කෙරිණි.
කඩුවෙල දිසා අධිකරණයේ එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ඔවුන් හෝමාගම අභියාචනාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණද, කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අද දින තීන්දු කළේ එම අභියාචනය පදනම් විරහිත බැවින් නිෂ්ප්‍රභ කරන බවයි.
පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බැවින් අභියාචනය ඉවත දමන ලදී.
සදහම් පදනමේ ශාසනික කටයුතුවලට බාධා කිරීම වළක්වමින් පනවා තිබූ වාරණ නියෝග තවදුරටත් නොවෙනස්ව ක්‍රියාත්මක වේ.
අධිකරණයේ කාලය අපතේ යැවීම සහ පදනම් විරහිත නඩුකරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැමිණිලිකාර සීලා ප්‍රේමකාන්ති යන අයට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණි.

