spot_img

ශ්‍රී ලංකාවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු රිදී පදක්කමක් දිනා ගනි

ඇමරිකා එක්සත් ජනපදයේ *ඇලබාමා හි පැවති 2025 ලෝක පොලිස් සහ ගිනි නිවන ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට උප පොලිස් පරීක්ෂක මධුක දුලාංජන සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) සේවය කරන ඔහු අවසන් පූර්ව තරගයේදී, ඔහු සිංගප්පූරුවේ ප්‍රතිවාදියෙකුට එරෙහිව 2-0 ජයග්‍රහණයක් ලබා ගත් අතර අවසන් මහා තරගයෙදී චීන තායිපේ තරඟකරුවෙකු හමුවේ දැඩි තරඟයකට මුහුණ දෙනු ලැබුවා.

ඒ අනුව 2-1ක් ලෙස මධුක දුලාංජන පරාජයට පත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

ජාත්‍යන්තර වේදිකාවේ කැපී පෙනෙන දස්කම් පෙන්වමින් විවෘත පිරිමි ඒකල බැඩ්මින්ටන් ඉසව්වට තරඟ කරනු ලැබුවා.

එහිදී මැලේසියාව, සිංගප්පූරුව, කාම්බෝජය සහ කැනඩාව ඇතුළු රටවල ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිව තරඟ කළ අතර, කණ්ඩායම් ශූරයා බවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED