අලුත්ගම දුම්රිය ස්ථානය අසල සීලානන්ද පාර ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (9) පෙරවරුවේ වෑන් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා .
අදාල වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක් වන අතර, ඇය තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ .
කුඩා වෑන් රථය ගැටී ඇත්තේ මරදානේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක බවද වාර්තා වී තිබෙනවා .