spot_img

පෙම්වතා මරු කටෙන් ගලවා ඇය සැඟවී යයි .

ඊයේ (20) සවස 5ට පමණ මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා .

ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද පැමිණ ඇති අතර, දියසෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා ගොස් ඇළට වැටී ඇත .

එම අවස්ථාවේ දී පෙම්වතිය ඔහුව බේරාගැනීමට අත දී ඇති අතර එහිදී දෙදෙනාම ඇළට වැටී ඇති බවයි සඳහන් වන්නේ .

පසුව එම ස්ථානයෙන් ගිය මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර, තරුණිය සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය .

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක් වූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියකි . ඇයව විශ්වවිද්‍යාලයෙන් රැගෙන නිවසට ඇරලීමට යන අතරමග ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ .

මෙම සිදුවීම සම්බන්ධයෙන් දිවි බේරාගත් තරුණයා මෙලෙස අදහස් දක්වා සිටියා .

“දියසෙවළ තියෙනවා නේ මම ලිස්සලා ගිහින් වැටුණා. එයා අත දැම්මා. එතකොට දෙන්නත් එක්කම ඇළට වැටුණා. මම කසාද බඳින්න ඉන්න කෙනා එයා. එයාව කැම්පස් එකෙන් අරන් හම්බන්තොට ගෙදරට ඇරලවන්න තමා ආවේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හයක් රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා . ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ග රාවණා දිය ඇල්ලට ඉහළ...

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබෙනවා . බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන්...

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක්

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා...

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

වෙනත් ලිපිRELATED