spot_img

ගිනිඅවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී ගිනිඅවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුව ගෙන තිබෙනවා .

මෙම විශේෂ වැටලීම කටාන – දෙමන්හංදිය ප්‍රදේශයේදී සිදු කර ඇති අතර එමගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51 සහ 58වන කටියල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, ටී.56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ටීකටස් වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වර් ගිනි අවි සෑදීමට භාවිතා කළ හැකි ආකෘතියක් සහ ගිනි අවි සෑදීමට යොදා ගන්නා ලද උපකරණ කිහිපයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

එමෙන්ම අනෙක් සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ .

කෙසේ වෙතත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කටාන පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED