හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අද (10) විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා .
වර්තමානයේ යෞවන සමාජ සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ .
ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස රනිල් වික්රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හි ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජවල කටයුතු සිදුකරනු ලැබූ ආකාරය සම්බන්ධවද අදහස් දැක්වීමට නියමිතව ඇත .