spot_img

සංචාරක බෝට්ට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 34 ක් ජිවිතක්ෂයට

වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහි සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .

එමෙන්ම එම අනතුරින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුද අතුරුදන්ව ඇති බවයි සඳහන් වන්නේ .

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී ඇති අතර මගීන්ගෙන් බහුතරයක් හැනොයි අගනුවර සිට පැමිණි වියට්නාම් පවුල් බවද සඳහන් වේ.

අනතුරින් තවත් පුද්ගලයින් 11 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර අතුරුදන් වුවන් සෙවීමට අධික වර්ෂාව බාධාවක් වී ඇති බවද එරට ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා සිටිනවා .

අනතුරට පත්වන විට මෙම බෝට්ටුව තුළ පුද්ගලයින් 53 දෙනෙකු සිට ඇති බවත් අනතුරින් මිය ගිය බොහෝ පිරිස අතුරින් 8 දෙනෙකු ළමුන් බවත් සඳහන් වේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED