රෙස්ලිං ක්‍රීඩාවේ දැවැන්තයෙක් වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නැතහොත් ටෙරී බොලියා මියගොස් තිබේ.
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු ඊයේ දින මියගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මියයන විට 71 වන වියේ පසුවිය.
ටෙරී බොලියා රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්ය.
1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රහණ හේතුවෙනි.
ඒම නිසා වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන ‘WWE Hall of Fame’ නාමාවලියටද හෝගන්ගේ නාමය එක් වී තිබේ.