අද (30) උදෑසන රුසියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 8.8ක් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා .
එම භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා බ.
USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු ඇති අතර භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි සඳහන් වන්නේ .
කෙසේ වෙතත් එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවටය .
මීට අමතරව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්.