පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අද අනතුරක් සිදුවී තිබෙනවා .
මොනරාගල වැලියාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
එසේම අනතුරින් පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව ද වාර්තා වී තිබෙනවා .
අනතුරෙන් මියගිය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ රියදුරා 32 හැවිරිදි වියේ පසුවූ දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසා සිටියා .