spot_img

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා .

එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටයේ .

පීනෑන්ග් මත්ද්‍රව්‍ය අපරාධ විමර්ශන කාර්යංශයට ලද බුද්ධි තොරතුරක් මත නිවසක පවත්වා ගෙන යනු ලැබු මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අදාළ ස්ථානයේ තිබී හෙරෝයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කර සිටියා .

සැකකාර ශ්‍රී ලාංකිකයා සහ මලයාසියානු ජාතිකයින් දෙදෙනා සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ 04 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා .

සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ...

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි තත්වයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව...

ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත්

මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ...

වසරේ මේ දක්වා කාලය තුළ ගිලී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට

වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය...

රුපියල් කෝටි 05ක කේරළ ගංජා තොගයක් පොලිස් භාරයට

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින...

විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ග්‍රේස් සහ ග්‍රීන්ස්...

වෙනත් ලිපිRELATED