නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
50 දෙනෙකුට ආසන්න මගීන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ .
ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් මගීන් 40 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව සදහන් වේ.