අද (18) අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්රදේශයේදී දුම්රියක වනඅලියෙකු ගැටී තිබෙනවා .
අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අදාළ දුම්රිය කොළඹ සිට මඩකලපුව බලා ධාවනය කොට ඇත .
ප්රදේශවාසියෙකු සඳහන් කළේ මෙම වනඅලියා ප්රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවත් ය.
වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණ ද නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවට ගම්වාසීන් චෝදනා කර සිටිනවා .
වනඅලියා නිරන්තරයෙන් ගම්වදින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි විපතක් සිදු නොවනු ඇති බවද ගම්වාසීන් පෙන්වා දෙයි .
මෙලෙස මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ සත්වයෙකු බව වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියා .