spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා අත්අඩංගුවට

සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන යන අයව ඊයේ දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලැබුණු තොරතුරක් මත පානදුර වලාන දූෂණ මර්දන ඒකක‍යේ අධ්‍යක්ෂවරයා ඇතුලු නිලධාරී කණ්ඩායමක් විසින් ඔහුව මතුගම ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත .

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරටට ආනයනය කළ නීති විරෝධී ලෙස එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව බවයි සඳහන් වන්නේ .

මෙම ජිප් රථය කොටස් එකලස් කළ එකක් බවත්, පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED