2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත.
ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම සහ දූමායනය කිරීම ඊයේ දිනයේදී සිදු කෙරුණා . මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටීමටද නියමිතය.
ශිෂ්‍යත්ව විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දීමට නියමිත අතර එය 10.45 වන විට අවසන් වීමටද නියමිතය . ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් හිමිවන අතර ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය 11.15ට ආරම්භ වේ.
එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පැයක කාලයක් ලබා දෙන අතර ඒ අනුව 12:15ට එම ප්‍රශ්න පත්‍රය අවසන් වීමටද නියමිතය. ඒ අනුව 09 : 30ට ආරම්භ වන විභාගය පස්වරු 12:15ට අවසන් වේ .