spot_img

නීති විරෝධි ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු 22ක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 22ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .අදාල පුද්ගලයන් සන්තකයේ තිබී නීති විරෝදී උපකරණ කිහිපයක්ද සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ .

නාවික හමුදාව, පොලීසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පසුගිය ජූලි 23 වන දා සිට 31 දක්වා කාලය තුළ මෙරට මුහුදු සීමාව ආවරණය වන පරිදි වැටලීම් සිදුකරනු ලැබුවා .

එහිදී තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නාක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 22ක් සමග ඩිංගි යාත්‍රා 5ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .

මෙම වැටලීම්වලදී අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් 210ක් සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED