අද (23) අලුයම් නාරාහේන්පිට පොලිස් වසමේ 397 වත්ත ප්‍රදේශයේදී නිවසක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
ගින්න හටගෙන ඇති නිවසේ පුද්ගලයෙකු මෙලෙස ගින්නට හසුව ඇති අතර ඔහුව පිළිස්සුම් තුවාල ලබා සිටිය දී පොලීසිය විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති නමුත් පසුව ඔහු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මෙලෙස මිය ගොස් ඇත්තේ මෙම නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි වයස අවුරුදු 50ක් පමණ වූ පුද්ගලයෙකි .
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .