දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක දී ඇතිවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා .
ඊයේ (18) රාත්රීයේ කල්පිටිය පොලිස් වසමට අයත් කන්දකුඩාව ප්රදේශයේදී මෙම ආරවුල සිදු වී ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කර සිටියා .
පහරකෑමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක් වූ කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය මේ වන විට හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා .
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .