නාවුල පොලිස් වසමේ නිකුල ප්රදේශයේදී ඊයේ (05) සිදු කළ පහරදීමකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා .අදාල තරුණයාට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර තුවාල ලැබූ තරුණයා නාලන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මෙලෙස ගහතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක කළුන්දෑව, දඹුල්ල ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි .
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අවුරුදු 41ක් වන නිකුල ප්රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .