ත්රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා .
ඇල්ල, වැල්ලවාය ප්රධාන මාර්ග රාවණා දිය ඇල්ලට ඉහළ ප්රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ත්රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයන් දෙමෝදර සහ බණ්ඩාරවෙල යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ .
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බදුල්ල ප්රදේශයේ පදිංචි පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා .