කෑගල්ල, ගලිගමුව ප්රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා .අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ .
අද (21) අලුයම 5ට පමණ වේරගොඩැල්ල සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වී ඇත්තේ.
තුවාලකරුවන් මේ වනවිට කෑගල්ල සහ වරකාපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා .