spot_img

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට

අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඒ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (18) දින වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙලෙස වරෙන්තුව නිකුත් කරනු ලැබුවා .

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේ දී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන වෙඩි තැබීමක් සිදු කොට තිබෙනවා . නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම...

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක දී ඇතිවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා . ඊයේ (18) රාත්‍රීයේ කල්පිටිය පොලිස් වසමට අයත්...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය අසල රැය පහන් කරයි

ගුරු දරුවෝ එකමුතුව විසින් සංවිධානය කර තිබූ පාගමනක් ඊයේ (18 ) දින පැවැත්වුණු අතර ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය...

සංචා­ර­ක­යන්ගේ ගම­නා­න්ත­යක් වන මස්කෙ­ළිය, ගාඩ්මෝර් දිය ඇල්ල ප්‍රදේ­ශය

මස්කෙ­ළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේ­ශය ලබන වසර (2026) වන විට සංචා­ර­ක­යන්ගේ ගම­නා­න්ත­යක් බවට පත් කිරී­මට පිය­වර ගන්නා බව...

ප්‍රකට රංගන ශිල්පියෙකු වන ටෙරන්ස් ස්ටෑම්ප් රඟ මඩල නිම කරයි

බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට රංගන ශිල්පියෙකු වන ටෙරන්ස් ස්ටෑම්ප් මියගොස් තිබෙනවා . 'සුපර්මෑන්' චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ්ගේ...

වෙනත් ලිපිRELATED