ගලෙන්විදුනු වැව හා ඒ ආශ්රිත ප්රදේශ වලට මත් කරල් බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ගලෙන්බිදුනු වැව පොලිස් ස්ථානාධිපතියාට ලද තොරතුරක් මත අශ්වයා බැදී වැව ප්රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේ දී එම නිවස තුළ සඟවා තිබීයදී මත් කරල් තොගයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා .
එහිදී එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අශ්වයා බැදී ප්රදේශයේ ම පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකි .
පොලිසිය විසින් සිදු කළ ප්රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙම මත් කරල් ජාවාරමේ යෙදී සිට ඇති බවය. ඔහුගෙන් තව දුරටත් හෙළි වූ තොරතුරු වලට අනුව ඔහුගෙන් මත පෙති මිලදී ගන්නා තවත් පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අදාල සැකකරුවන් කහටගස්දිගිලිය ,අක්කර විස්ස, උල්පතගම ,ඉහලගම යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 25 , 36 සහ 39 යන වයස් වල පසුවන්නන් බවයි සඳහන් වන්නේ .