ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්තිනාමයට හානිවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය තොරතුරු සහ මඩ ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා .
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම ප්රචාරයන්ට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි සහ යූ ටියුබ් නාලිකා පිළිබඳව විමර්ශන සිදු කරනු ලබනවා .
මෙම මඩ ප්‍රචාරයන් නිර්මාණය කිරීම සඳහා රජයේ අමාත්‍යවරුන් සහ රජයට සහාය දක්වන පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් භාවිත කර ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසනවා .
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ජනාධිපතිවරයාගේ, රජයේ සහ අමාත්‍යවරුන්ගේ කීර්තිනාමයට හානි සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා .