ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල කප්පාදුව සිදු කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව හෙට පෙරවරු 08:30 සිට පස්වරු 08:30 දක්වා වූ කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටුනායක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.