spot_img

කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා .

ගංවතුර තත්ත්වය හේතුවෙන් 307 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .

වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ආපදා බලධාරීන් විසින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

එමෙන්ම ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඒ සඳහා යොදාගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

මේ අතර එරට රජයේ කාලගුණික වාර්තාවන් පෙන්වා දී ඇත්තේ එළැඹෙන අගොස්තු 21 වැනි දින දක්වා රටේ වයඹ දෙසින් තද වැසි අපෙක්ෂා කළ හැකි බවයි .

ඒ අනුව පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා . එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ මෙම...

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි තත්වයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව...

ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත්

මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ...

වසරේ මේ දක්වා කාලය තුළ ගිලී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට

වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය...

රුපියල් කෝටි 05ක කේරළ ගංජා තොගයක් පොලිස් භාරයට

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින...

විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ග්‍රේස් සහ ග්‍රීන්ස්...

වෙනත් ලිපිRELATED