ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබෙනවා .
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන් දිනක නිදහස ලබා ඇති අතර ඒ වෙනුවෙන් ඉන්දීය රජය මෙවර පවත්වන විශේෂ රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් නවදිල්ලියේ රතු බළකොටුවේ දි සිදු කෙරුණා .
මෙහිදී අගමැති මෝදි පෙ.ව. 7.30ට ඉන්දීය ජාතික ධජය ඔසවා ජාතිය අමතනු ලැබුවා .
මෙම රාජ්‍ය උත්සවයේ දී සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට මුල්තැනක් ලබා දී ඇති අතර, ඒ වෙනුවෙන් එම මෙහෙයුමට දායක වූ කිහිප දෙනෙකු වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට එක් කෙරුණා .