spot_img

ඉන්දියාවට ට්‍රම්ප්ගෙන් නැවතත් තර්ජනයක්

ඉන්දියාව රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගැනීම් සිදුකිරීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළෙඳපොළේ විශාල ලාභ සඳහාද එය විකුණන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් සිය Truth Social හී සටහනක් තබමින් අද (04) සඳහන් කර සිටියා .

එමෙන්ම රුසියානු යුද තන්ත්‍රය මගින් යුක්‍රේනයේ කොපමණ පිරිසක් මිය යන්නේද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නොවන බවත් මේ හේතුවෙන් ඉන්දියාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට ගෙවන තීරු බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් සිය සටහනේ සඳහන් කර තිබෙනවා .

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බදු පනවන බවට ඔහු කළ නිවේදනයෙන් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ ඉන්දීය තෙල් සමාගම් රුසියානු ආනයන නතර කිරීමට සූදානම් නොවන බවට යි .

ඒ අනුව ට්‍රම්ප්ගේ තර්ජනය නොතකා ඉන්දියාව අඛණ්ඩව රුසියානු තෙල් මිලදී ගැනීමට කටයුතු කරන බවද මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කළා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED