අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය අස්ගිරි මහා විහාරයීය අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමි අනුස්මරණ ශාලාවේ මේ වන විට මහජනතාගේ ගෞරවය සඳහා තැම්පත් කොට තිබෙනවා .
උන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (22) රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ අතර අස්ගිරි විහාර පාර්ශ්වීය මහා සංඝරත්නය වෙත සිය සාතිශය සංවේගය ජනාධිපතිවරයා පළ කර සිටියා .
අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවකද නිරත වුණා .