ඉන්දියාවේ ගුවහාටි හි PVR සිනමා ශාලාවේ සිවිලිමේ කොටසක් ඊයේ (03) රාත්‍රියේ ‘මහාවතර් නර්සිංහ’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් සිටියදී කඩා වැටීමකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .
උඩිස් ව්‍යුහයේ කොටසක් හදිසියේම මෙලෙස කඩා වැටීමෙන් සුන්බුන් විසි වී තිබෙන අතර සිනමා ශාලාවේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රදර්ශනය නවතා ප්‍රේක්ෂකයින් ඉවත් කිරීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .
මෙම අනතුර හේතුවෙන් තුවාල ලැබූවන්ට එම ස්ථානයේදීම ප්‍රථමාධාර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ .
කෙසේ වෙතත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් එරට බලධාරීන් විසින් සිනමා ශාලාව පරීක්ෂා කිරීම සඳහා මේ වන විට සිනමා ශාලාව තාවකාලිකව වසා දමා ඇති බවත් වාර්තා වේ .
එම සිනමා ශාලාවේ සාප්පු සංකීර්ණ කළමනාකාරිත්වය සහ PVR නිලධාරීන් තවමත් මේ සිද්ධිය පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත .