ඊයේ (05) පස්වරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවති “සිත් රූ- 2025” ප්‍රසංගය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වුණා .
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන “එක්ව – අත් නොහැර” ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත්, අභිමානවත් පුරවැසියන් ලෙසත් ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට රජය කැපවී සිටින බව උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියා .
ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා එළිදැක්වීමට නව වේදිකාවක් සලසා දෙමින්, ආත්ම තෘප්තිය සමගින් ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙවැනි සංස්කෘතික වැඩසටහන් තමන් බෙහෙවින් අගය කරන බවත් ජනාධිපතිවරා වැඩි දුරටත් කියා සිටියා .