මස්කෙළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේශය ලබන වසර (2026) වන විට සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පවසා සිටියා .
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා මස්කෙළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් .
එහිදී වදී දුරටත් අදහස් දැක්වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ,
” සංචාරකයන්ගේ ආකර්ෂණයක් ඇති මෙවැනි ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී මෙම ප්‍රදේශවල ජනතාවගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කළ හැකියි. සියලුම ආයතන සම්බන්ධ කර ගනිමින් අනාගතයේදී මෙම ප්‍රදේශය විශේෂ සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කළ හැකියි. මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීමට මීට ප්‍රථම යෝජනා ඉදිරිපත්වී ඇතත් එය සිදුවී නොමැත. මෙම ප්‍රදේශයට බොහෝ සංචාරකයන් පැමිණිය ද ඒ අයට අවශ්‍ය පහසුකම් නෑ. හෙලිකොප්ටර් වැනි නවීන පහසුකම් මෙහි ඇති කළ හැකියි. අපගේ රජයේ ඊළඟ අය වැයෙන් මේ සඳහා මුදල් වෙන් කරනවා.
මෙම ප්‍රදේශයට පිවිසෙන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමට පළාත් සංවර්ධන අධිකාරියට මුදල් වෙන් කර තිබෙනවා. මේ හා සම්බන්ධ සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකරනවා. දිය ඇල්ල පිහිටි ප්‍රදේශය පෞද්ගලික වතුයායක් නිසා මස්කෙළිය ප්‍රාදේශීය සභාව හරහා අදාළ ක්‍රියාමාර්ග ගනු ලබනවා. ඇල්ල, මහනුවර හා හම්බන්තොට වැනි ප්‍රදේශවල සංචාරක ප්‍රජාව වැඩිවී ඇති ආකාරයටම සංචාරක සංවර්ධන අධිකාරිය හරහා නව මධ්‍යස්ථානයක් ඇති කිරීමට අපි පියවර ගන්නවා”
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මිය සමඟ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් සහභාගි වී සිටියා .