මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා .
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ ජුලි මස 25 වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි .
ජුලි මස 30 වනදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව ඇත .
මේ අතර, පෙරහැර සඳහා අලි ඇතුන් ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කර සිටියා .