spot_img

වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සැරසෙයි

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය මහතා පවසනවා .

ඔහු සඳහන් කළේ ලබන 11 වෙනිද පෙරවරු 8 ට පෙර සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි .

“ස්ථානමාරු ලැයිස්තුවල ගැටලු සඳහා නිසි මැදිහත් වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදුවෙන්නේ නැත්නම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විදියට අපි තීරණය කරලා තියෙනවා දිවයින පුරා දීප ව්‍යාප්තව වැඩවර්ජනයකට යන්න මෙම ප්‍රශ්නයට විසඳුම් ඉල්ලලා. අපි කල්දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ නිලධාරීන් ඇස්කන් පියාගෙන ඉන්නේ. යම් හෙයකින් ලබන11 වෙනිදා උදේ 8 වෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් නැත්නම් මේ සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් කරන්න අපි ඒක මතිකව තීරණය කළා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන්න.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED