spot_img

විදුලි වෘත්තීය සමිති අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

විදුලි වෘත්තීය සමිති අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වී තිබෙනවා .

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ .

ඊයේ දින කොළඹදී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියේ, ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද දින වෘත්තීය සමිති 28ක නියෝජිතයින් විරෝධතාවක් පවත්වන බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේ, බදු ප්‍රතිපත්ති හේතුවෙන් 2023 වසරේ සිට මේ දක්වා විදුලි, යාන්ත්‍රික හා සිවිල් ඉංජිනේරුවන් 300කට අධික ප්‍රමාණයක් විදේශගත වී ඇති බවයි.

මෙම තත්ත්වය විදුලිබල මණ්ඩලයේ මානව සම්පත් අර්බුදයක් ඇති කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED