spot_img

ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණයක්

පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා .

එසේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා .

කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා .

“2025 වසරේ අපි ඡන්ද පැවැත්වුවා. 2024 දීත් අපි නොවැම්බර් මාසයේ ඡන්දයක් පැවැත්වුවා. අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් මාස 6 තුළ කරන්න තමා මුලික අදහස තියෙන්නේ. නීතිමය වශයෙන් බාධාවක් තියෙනවා. ඒවා ඉවත් කරගන්න බලනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම ගැන අපේ ප්‍රතිපත්තිමය තීරණයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම කියන්නේ පුළුල් ක්‍රියාවලියක්. ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේ ඉලක්කය. පළාත් සභා ඡන්දය පවත්වලා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන පුළුල් දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය අසල රැය පහන් කරයි

ගුරු දරුවෝ එකමුතුව විසින් සංවිධානය කර තිබූ පාගමනක් ඊයේ (18 ) දින පැවැත්වුණු අතර ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය...

සංචා­ර­ක­යන්ගේ ගම­නා­න්ත­යක් වන මස්කෙ­ළිය, ගාඩ්මෝර් දිය ඇල්ල ප්‍රදේ­ශය

මස්කෙ­ළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේ­ශය ලබන වසර (2026) වන විට සංචා­ර­ක­යන්ගේ ගම­නා­න්ත­යක් බවට පත් කිරී­මට පිය­වර ගන්නා බව...

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට

අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා...

ප්‍රකට රංගන ශිල්පියෙකු වන ටෙරන්ස් ස්ටෑම්ප් රඟ මඩල නිම කරයි

බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට රංගන ශිල්පියෙකු වන ටෙරන්ස් ස්ටෑම්ප් මියගොස් තිබෙනවා . 'සුපර්මෑන්' චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ්ගේ...

දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර ගාල්ල සිට මරදාන බලා ධාවනය වු අංක 8327 යන දුම්රිය පීලිපැනීමට ලක්ව...

බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්

නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. 50 දෙනෙකුට ආසන්න මගීන් පිරිසක් රැගත් බෝට්ටුවක්...

වෙනත් ලිපිRELATED