කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කර සිටියේ .
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල් වෙත ඇතුලත් කර ඇත.
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා .
මෙම අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .